සෙල්ලම් ගෙදර සජිත්ගේ හුංගා ඩලස් අද පැලවත්තේ රිංගන්නේ ජනාධිපතිවරණය ආපු සැනින් සජිත් යාල කැලේ හැංගෙන නිසා..! වරුණ රාජපක්ෂගෙන් ප්‍රකාශයක්..!

ජනාධිපතිවරණයක් පිළිබඳව මුළු ලංකාවේම අවධානය යොමු වී ඇති අවස්ථාවක එදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස පිලේ හුංගා ලෙස යොදාගත් ඩලස් අලහප්පෙරුම අද පැලවත්තේ රිංගන්නේ ජනාධිපතිවරණය කැඳවූ සැනින් සජිත් ප්‍රේමදාස මහතා යාල කැලේ හැංඟෙන නිසා බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසයි.

රටේ උද්ගතව තිබූ ප්‍රශ්න සියල්ල විසදමින් ජනතාවට අවශ්‍ය සහන ලබාදෙමින් ජනප්‍රසාදය දිනා ඇති ජනාධිපතිවරයා නොබියව ඉදිරි ජනාධිපතිවරණයේදී අභියෝග ජය ගනිමින් ජයග්‍රහණය කරන බවත් සජිත් ප්‍රේමදාස නැමැති අසාර්ථක විපක්ෂ නායකවරයාට හැකි එකම දේ නම් සෙල්ලම් ගෙදරක ජනාධිපතිවරයා වීම පමණක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා..!

ලංකාවේ විදුලි බල අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් සකස් කරද්දී සජිත් සිදු කරන්නේ කොහේ හෝ පන්සලක විදුලි බිලක් ගෙවීම බවත් ලංකාවේ ක්‍රිඩා ගැටළු විසඳීම සඳහා සජිත් ප්‍රේමදාසට ඇති එකම විකල්පය බඩු භාණ්ඩ බෙදීම බවත් රටක ප්‍රායෝගික ගැටළු විසඳීම සඳහා සජිත් ප්‍රේමදාස හට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බව ජනතාව වටහාගෙන ඇති නිසා ජනතාව මේ වනවිටත් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතික්ෂේප කරමින් සිටින බව සියලු පාර්ශව මේ වනවිට තේරුම් අරං ඉන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා වර්තමානයේ හැසිරෙන්නේ ඒ කාලේ අපි ආසාවෙන් නැරඹූ සෙල්ලම් ගෙදර නාට්‍යයේ නාටක රඟ දක්වමින් බවත් දවසෙන් දවස විවිධ ක්‍රියාකාරකම් වල නිරත වෙමින් ජනතාවට හාස්‍ය රසය උත්පාදනය කරන විට නළුවෙකුගේ ජවනිකාව නිරූපණය කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට සිදු වීම පිළිබඳව තමන් කණගාටුවන බවත් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *