ශ්‍රිලනිපය ‌දෙදරයි..! නිහඬව සිටි මෛත්‍රී එක රැයෙන් වැඩ අල්ලද්දි තටු කැපුණු දයාසිරි කරන්න යන දේ මෙන්න..!

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතාව ඉවත් කර ඇති අතර ඒ සඳහා වැඩ බැලීම වෙනුවෙන් සිරිසේන පිලට හිතැති මධ්‍යම පළාත නියෝජනය කරන හිටපු මහ ඇමතිවරයෙකු වන නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක මහතාව පත් කර ඇති බව සඳහන්.

දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රිලනිප මහලේකම් සහ ශ්‍රිලනිප පක්ෂ සභාපති සිරිසේන අතර වූ සීතල යුද්ධයක අවසන් ප්‍රතිඵලය ලෙස දයාසිරි ජයසේකර මහතාට මෙම තනතුර අහිමි වීම දැක්විය හැක.

ඒ කෙසේ වෙතත් මෙම තනතුරු අහිමි වීම බලාපොරොත්තුවෙන් සිටි දයාසිරි ජයසේකර ඉදිරි දින කිහිපය තුළ තීරණාත්මක දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව සඳහන්.

මේ අතර පසුගිය දිනෙක දයාසිරි ජයසේකර මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු හමුවෙමින් පැවති සාකච්ඡා ධනාත්මක මුහුණුවරකින් නිමවූ බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

කෙසේ වෙතත් සිරිසේන හිටපු ජනාධිපතිවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියාවත් සමඟ කලකිරුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකුම හිටපු ජනාධිපතිනිය ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට සහය පළ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බල පෙරළියකට සූදානම්වන බවද අපට වැඩිදුරටත් වාර්තා වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *