කුලී රථ ඒකාධිකාරය බිඳිමින් ඌබර් සහ පික්මී සේවාවන් කටුනායකට….!

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණෙන දේශීය මෙන්ම විදෙස් රටවල පුද්ගලයින්ට Uber සහ PickMe මගී ප්‍රවාහන සේවාවන් ලබා ගැනීමේ පහසුකම සපයා දී තිබෙනවා.

පසුගිය දින වල බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල අවට ලියාපදිංචිව සිටි කුලී රථ රියදුරන් විසින් පවත්වාගෙන ගිය ඒකාධිකාරී ස්වභාවය සහ ඔවුන් විසින් සිදුකල විවිධ අකටයුතුකම් සහ මගීන්ගෙන් ලබාගත් අසාධාරණ මිල ගණන් හේතුවෙන් විදෙස් රටවල සිට මෙරට පැමිණෙන පුද්ගලයින් සහ ලංකාවේ විවිධ ප්‍රදේශ වල සිට ගුවන් තොටුපොළට පැමිණෙන මගීන් දැඩි අපහසුතාවට පත්වූ අකාරය මාධ්‍ය වාර්තා කර තිබුනා.

මේ සම්බන්ධයෙන් අවධානය යොමුකළ වත්මන් රජය Uber සහ PickMe කුලී රථ සේවාවන් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි ස්ථානයක් ලබාදී තිබෙනවා.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට දිවයිනේ ඕනෑම ස්ථානයකට යාම සඳහා Uber සහ PickMe සේවාවන් ලබාගැනීමට හැකි වන අතර සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට ද මෙය හේතුවක් වනු ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *