ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ නොහැකි බවට දැනුම්දීමක්…!

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මුද්‍රණ කටයුතු සඳහා මුදල් ගෙවනතෙක් එම කටයුතු සිදුකළ නොහැකි බව රජයේ මුද්‍රනාලයාධිපතිණිය මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති රුපියල් මිලියන හාරසිය හැට එකක් පමණ වන බවය.

හෙට පැවැත්වෙන දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ හමුවේදී මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරවන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංජිහේවා මහතා සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *