හර්ෂ කබීර් එරාන් දොට්ට..! ‌නන්දසේනගේ ආර්ථික උපදේශක ගොඩහේවා සමගින් සජිත් ගෝඨා ගිය අඩිපාරේ..!

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තම ආර්ථික විශේෂඥයන් වන හර්ෂ ද සිල්වා, කබීර් හෂීම් සහ එරාන් වික්‍රමරත්න වැනි එක්සත් ජාතික පක්ෂයෙන් සමගි ජන බලවේගයට පැමිණි ප්‍රබලයන් නොසලකා හැර රටින් පැන්නූ ජනාධිපතිවරයෙකු වන නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික උපදේශක නාලක ගොඩහේවා සමගින් නව ගමනක් ආරම්භ කර ඇති බව අපට වාර්තා වේ.

වියත්මග වැනි සංවිධාන ආරම්භ කරමින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ නැමැති හිස් මිනිසාව පොරක් කිරිම සඳහා මහගු මෙහෙවරක් ඉටුකළ ගොඩහේවා නන්දසේන රාජපක්ෂ විසින් මැතිවරණ වේදිකාව තුළ ලියන ලද සියළු මහජන ආමන්ත්‍රණයන් සියල්ල ද සකස් කළ බව නොරහසකි. අනතුරුව නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වූ පසු ඔහුගේ ආර්ථික උපදේශකයා ලෙස කාබනික පොහොර, මුදල් අච්චු ගැසීම, ගූ පොහොර ගොවියන්ට බෙදාදීම වැනි සියලු කටයුතුවලදී ප්‍රමුඛතම කාර්යය ඉටුකරන ලද්දේ අද සජිත්ගේ ආර්ථික හා ජාත්‍යන්තර කටයුතු උපදේශක වන ගොඩහේවා විසිනි.

අනතුරුව අරගල කාල සමය තුළ තමන් ලබා දුන් ලබාදුන් උපදෙස් වලින් රටම විනාශ කළ නන්දසේන ගෝඨාභය පාවාදෙමින් විවිධ ප්‍රකාශ නිකුත් කළ ගොඩහේවා ඩලස් සමග දීගෙක එල්ලුනේ වෙන යන්න තැනක් නොමැති නිසා බව සියල්ලෝ දනිති.

ඩලස් වැනි දුරුවලයෙකු සමඟ අනාගතයක් නොමැති බව වටහා ගත් පසුව සජිත් නැමැති ආතක් පාතක් නැති දේශපාලන ළදරුවාගේ ඇඟට ගොඩ වූ ගොඩහේවා දැන් සජිත්ව ද තවත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු බවට පරිවර්තනය කරමින් සිටින බව සමගි ජන බලවේගය තුළ දැඩි සාකච්ඡාවට ලක් වෙමින් පවතින කරුණක් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

කෙසේ වෙතත් හර්ෂ කබීර් එරාන් වැනි ආර්ථික විශේෂඥයින් අවිශ්වාස කර නන්දසේනට රටින් යන තැනට වැඩ සිද්ධ කළ ගොඩහේවා වැන්නවුන් විශ්වාස කිරීම තුළ සජිත් නිර්මාණය කරන්නට යන්නේ රාජපක්ෂවරුන් විසින් දියත්කල ආර්ථික ප්‍රතිපත්තියමද යන්න සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වෙමින් ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *