සර් ෆේල්…! සාකච්ඡා අසාර්ථකයි..! ජනපති ගෙදර යවලා හරි වරාය සුරකිනවා..! වෘත්තිය සමිති

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ගැන ඇතිව තිබෙන මතභේදාත්මක තත්වය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාව සම්පූර්ණයෙන්ම අසාර්ථක බව ඊට සහභාගී වූ වරාය වෘත්තිය සමිති නියෝජිතයෝ සදහන් කරති.

51%ක් වරාය අධිකාරියටත් 49% පුද්ගලික අංශයටත් එහි අයිතිය දිය යුතු බව ජනාධිපතිගේ අදහස වූ බව සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා පැවසීය.

නමුත් තම ස්ථාවර වන්නේ පර්යන්තයේ 100%ක් ලංකාව සතු විය යුතු බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් තම ස්ථාවරය දශමයක් හෝ පසුපසට යාමට සූදානම් නැතැයි ද ඔහු තවදුරටත් කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *