වීඩියෝ ගේම් සඳහා ඉන්දියාවෙන් බද්දක් හඳුන්වාදීමට යයි

ඉන්දියානු රජය විසින් අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන වීඩියෝ ගේම් සඳහා නව බද්දක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ අදාළ ක්ෂේත්‍රය සඳහා 28%ක බද්දක් පැනවීමට ඉන්දීය රජය සැලසුම් කර ඇති බවය.

නමුත් විශේෂඥයින් පවසන්නේ එවැනි බද්දක් පැනවූවහොත් ඉන්දියාව ඉතා සීඝ්‍රයෙන් දියුණුවන කර්මාන්තයක් ලෙස සැලකෙන වීඩියෝ ගේම් නිර්මාණය කිරීම අධෛර්යමත් වියහැකි බවය.

මේ වනවිට එරට තුළ වීඩියෝ ගේම් නිර්මාණය කරන නව නිර්මානකරුවන් 900කට වැඩි ප්‍රමාණයක් සිටින බව වාර්තා වෙයි.

ඉන්දීය රජය පවසන්නේ එවැනි වීඩියෝ ගේම් එකක් භාගත කරගැනීමේදී ගෙවිය යුතු ගාස්තුවෙන් 28%ක් අදාළ බද්ද ලෙස ගෙවිය යුතු බවය.

එම ක්ෂේත්‍රය මේ වනවිට පුද්ගලයින් 50,000ක් පමණ රැකියාවල නිරතවන අතර 2028 වනවිට එම ක්ෂේත්‍රය ඔස්සේ සෘජු රැකියා 350,000ක් සහ වක්‍ර රැකියා මිලියනයක් නිර්මාණය වෙතැයි අනුමාන කෙරේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *