සජිත්ගේ බහට ලක් මෑණියන්ගේ අගුණ කියන්න ජිනිවා ගිය සජබ මන්ත්‍රිවරු දෙදෙනෙක් බෝතලයේ සැපට වහල්වී සුව නින්දේ..! සෙල්ෆියක් ගසා හිස් අතින්ම යලි එයි..!

— ශ්‍රී ලංකා ගාර්ඩියන් වර්තාවක සිංහල පරිවර්තනය —

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මතභේදයට තුඩු දී ඇති මෙහෙයුමක් අරඹමින් ජිනීවා නුවරට ගොඩ බැස තිබේ.

මේ අතර විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සලයේ රාජ්‍යය නොවන සංවිධාන වලට හිමි වන අන්තර් ක්‍රියාකාරී සැසියකට සහභාගී වී කවුසලය ඇමතීමට මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කලින් සූදානම් වී සිටියද ඊට පෙරදා පැවති මදුවිත සාදයකදී පමණ ඉක්මවා මත්පැන් පානය කිරීම නිසා පසුදා පැවති සැසියේදී අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමි වී ගිය බවයි. ඔවුන් එහි පැමිණෙන විට අදාළ රාජ්‍යය නොවන සංවිධානයට හිමි වී තිබු කාලය අවසන් වී ඇත. ඒ නිසා තම සහභාගී වීම සංඛේතවත් කිරීම සඳහා සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට මොවුන් අමතක නොකළහ.

මෙම ජිනීවා නාටකයේ වැදගත් කාරණයක් වන්නේ, මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස  සංවිධානයක් පවතවාගෙන යන මුදලාලි කෙනෙකුගේ මූල්‍යය අනුග්‍රහයයි. මෙම රාජ්‍ය නොවන සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ඇති සම්බන්ධය ව්‍යාජ ලෙස ඇඟවුම් කිරීම සඳහා නිර්මාණය කර ඇති ලාංඡනයක් සහ නාමකරණයක් භාවිතා කරමින් රැවටිලිකාර උපක්‍රම භාවිතා කර ඇති බව පෙනේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *