අපේ කොස්සට ජපානේ හිත වැටෙයි…!

මෙරට කොහු ආශ්‍රිත අගය එකතු කළ නිෂ්පාදන සඳහා චීනය, එක්සත් ජනපදය හා යුරෝපා රටවල ඉහල ඉල්ලුමක් පවතින බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

ලාංකික  නිෂ්පාදනයක් වන තවෂි කොහු බුරුසු සඳහා විදේශ වෙළෙඳ පොලේ ඉහල ඉල්ලුමක් පවතින බවත්  සාමාන්‍යයෙන් වසරකට එම බුරුසු එක්කෝටි අනූ ලක්ෂයක් පමණ අපනයනය කරන අතර ඒ සඳහා වැඩිම ඉල්ලුමක් පවතින්නේ ජපානයේ  බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පොල් සංවර්ධන අධිකාරියේ ප්‍රගතිය පිළිබඳව සහ එම අධිකාරියේ ඉදිරි කටයුතු පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සමාලෝචන සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *