‘ජාතික ඩිජිටල් උප්පැන්න’ නිකුත් කිරීම ඇරඹේ..!

ස්වදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ඊ-ජනගහනය ලේඛන වැඩසටහන යටතේ ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය හෙවත් ‘ජාතික උප්පැන්න සහතිකය’ නිකුත් කිරීම කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (5) ආරම්භ කළේය.

ඩිජිටල් තාක්ෂණය සහිත ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ජාතික උප්පැන්න සහතිකයට නිකුත් කරන අංකය ජාතික හැඳුනුම්පත් අංක බවට පරිවර්තනය වන බවත් ඒ අනුව සෑම පුද්ගලයෙක්ටම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකයක් නිකුත් කෙරේ.

ආකර්ෂණීය බව, නිවැරදි බව සහ පිළිගැනීම වැඩි ආරක්ෂිත උපාංග ඇතුළත් මුද්‍රිත සහතිකයක් ලබාදීම ද අරමුණ කර ගෙන ඊ – ජනගහණ ලේඛන වැඩසටහන ආරම්භ කළ අතර මෙම උප්පැන්න සහතිකයේ දරුවාට ඉදිරියේදී දීමට නියමිත ජාතික හැඳුනුම්පත් අංකය ‘මගේ අංකය’ ලෙසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඇතුළත් කරයි. ඒ අනුව දරුවකුට උපතේදීම අනන්‍යතා අංකයක් දීමට හැකියාව ලැබෙන අතර ඒ තුළින් ජනගහණ ලේඛනයක් ගොඩනැගීමට හැකියාව ලැබේ.

ජාතික උප්පැන්න සහතිකයන් නිකුත් කිරීමේ ක්‍රමවේදය මෙසේය. සහතිකයේ ඇතුළත් වන තොරතුරු උපන් ස්ථානය පිළිබඳ තොරතුරු මගේ අංකය සම්පූර්ණ නම ( සිංහල/ ඉංග්‍රීසි හෝ දෙමළ / ඉංග්‍රීසි) පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය මවගේ ජාතික හැඳුනුම්පත් අංකය / නම/ ජාතිය / ජාතිකත්වය මෙලෙස නිකුත් කිරීමට නියමිත සහතිකයේ විශේෂ ලක්ෂණ රෙජිස්ට්‍රාර් ජනරාල්ගේ අත්සනින් නිකුත් වීම. සහතිකයේ පුද්ගලයාගේ ජාතිය / ජාතිකත්වය ඇතුළත් වීම. මව්පියන්ගේ විවාහක / අවිවාහක බව ඉවත් වීම. මෙම උප්පැන්න සහතිකය සිංහල/ඉංග්‍රීසි හෝ දෙමළ/ඉංග්‍රීසි භාෂාවලින් නිකුත් කිරීම. විශේෂ ආරක්ෂිත උපාංග යෙදූ සහතිකයක් නිකුත් කිරීම. සහතිකයේ තොරතුරු සංශෝධනය කළ හොත් එකී නිවැරදි තොරතුරු පමණක් ඇතුළත් නව සහතිකයක් නිකුත් කිරීම. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් එම ව්‍යාපෘතිය අද (5) ආරම්භ විය. කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම ජාතික ඩිජිටල් උප්පැන්න සහතිකය ලබාදීමේ වැඩසටහන සෙසු දිස්ත්‍රික්ක සඳහා කඩිනමින් ව්‍යාප්ත කිරීම ආරම්භ කර ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පැවසීය.

මෙම අවස්ථාවට කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රෙජිස්ට්‍රාර් ජනරාල් සමන්ත විජයසිංහ, කළුතර දිස්ත්‍රික් ලේකම් ගීනිගේ ප්‍රසන්න, අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් දිපා ලියනගේ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන රණවිර ආරච්චි යන මහත්ම මහත්මීහූ ඇතුළු රාජ්‍ය නිලධාරීහූ රැසක් එක්ව සිටියහ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *