ජනපති වෙලාම රට හදන හැටි සැලසුම් කරනවලු..! ජනක ජනාධිපතිවරණයට එනවලු..!

ශ්‍රී ලංකාවේ මීලග ජනාධිපතිවරයා බවට පත්වූ පසු රට ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙලත් ඊට අවශ්‍ය කටයුතුත් තමන් මේ දිනවල සිදු කරමින් යන බව මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

මේ රට වෙනස් කරන්නේ නම් ඒ සඳහා මෙරට ප්‍රධාන පුරවැසියා බවට පත්වී එම වෙනස් කිරීම ආරම්භ කළ යුතු බව තම අදහස බවද හෙතෙම කියා සිටියි.

එම කටයුතු සම්පාදනය කරමින් සිටින බවත් දැනට පවතින ක්‍රමවේදය වැරදි නිසා සුසමාදර්ශයක් මත පදනම් වූ ක්‍රමයක් මත තමන් රට ගොඩනැගීමට සැලසුම් කර සිටින බවද හෙතෙම පැවසීය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

ඔහු තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ ‘JR 2024’ ලෙසයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *