විහාරස්ථානාධිපති හිමියන්ගේ මීඩියා පොර ටෝක්ස් නිසා මිහින්තලාවේ සියළුම ආරක්ෂක නිලධාරින් ඉවතට..!

මිහින්තලා පූජා භූමියේ සිටින රඳවා සිටින සියලුම ආරක්ෂක හමුදා සෙබලුන් අද දිනයේ සිට ඉවත් කර ගැනීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන්ගේ ප්‍රකාශයක් පදනම් කරගනිමින් මෙම තීරණය ගත් බවයි.

මිහින්තලා පූජා භූමියේ හමුදා සෙබළුන් රැඳවීම නිසා තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇතැයි උන්වහන්සේ පසුගියදා මාධ්‍ය හමුවේ කියා සිටියහ.

රට පුරා ආගමික ස්ථාන, සංචාරක ආරක්ෂාව ඇතුළු ආවේක්ෂණ කටයුතු සඳහා ආරක්ෂක නිලධාරීන් සිවිල් ඇඳුමින් යෙදවීම සාමාන්‍ය දෙයක් බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මිහින්තලා පුදබිමේ එසේ සිවිල් ඇඳුමින් සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙෙනකුට චෝදනා එල්ල කර ඇතැයිද පැවසූ ඔහු මිහින්තලා පූජා බිමේ මෙතෙක් රඳවා සිටි නාවික හමුදාව යුද හමුදා හා සිවිල් ආරක්ෂක බලකා බට සියළු දෙනා ඉවත් කරන බවත් පැවසීය.

එහි මෙතක් රදවා සිටි භට පිරිස් ගණන දෙසිය පනස් දෙකකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *