අයවැයට විරුද්ධ උනත් බංකොලොත් විපක්ෂයට මං යන්නේ නෑ..! හිටපු ඇමති රොෂාන්ගෙන් ප්‍රකාශයක්..!

තමා විපක්ෂයට යන කතාව අසත්‍යයක් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය  පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී රෝෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (13)  පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි. රොෂාන් රණසිංහ මහතා මෙසේද  ප්‍රකාශ කළේය.

අද පත්තර වල දාලා තියෙනවා මම විපක්ෂයට යනවා කියලා.මේක අසත්‍ය ප්‍රකාශයක්. සමහරු උත්සාහ කරනවා ඇති විපක්ෂයට යවන්න.

කෙසේ වෙතත් අයවැය අවසාන ඡන්ද විමසීමේදී  තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

අයවැය අවසාන ඡන්ද විමසීම අද පස්වරු 6.00 ට  පැවැත්වෙයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *