නව ප්‍රතිසංස්කරණ යටතේ අලුතින් දේපළ බද්දක්..!

2025 වසරේ දී දේපළ බදු ක්‍රමයක් ක්‍රියාවට නැංවීම, රජයේ ආදායම් ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ වැදගත් කොටසක් වනු ඇති බවත් ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම් බවත්, IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වූ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ පළමු සමාලෝචනය ඊයේ (12) දින සම්පූර්ණ කරනු ලැබූ ඒ අතර ඒ පිළිබඳව දැනුම් දීම සඳහා අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවේ දී බෘෘවර් මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා,

“මේ වසරේ සහ පෙර වසරේ දැනටමත් සිදු කර ඇති සියලු ප්‍රතිසංස්කරණ අනුගමනය කරමින්, 2025 දී දේපළ බද්ද ක්‍රියාවට නැංවීම, ආදායම් ඉහළ නැංවීම් වැදගත් කොටසක් වෙනවා. එය ඉතා දිගු හා සංකීර්ණ ක්‍රියාවලියක්. එවැනි බද්දක් ක්‍රියාත්මක කිරීමට නම් ඒ සඳහා දේපළ පිළිබඳ නිසි ලේඛන තිබිය යුතුයි. ඒ වගේම මෙම බද්ද පැනවීම සඳහා නිසි තක්සේරු පද්ධතියක් තිබිය යුතුයි. එය විශාල ධනයක් ඇති අයගෙන් වැඩිපුර බදු අය කර ගැනීමේ ආකාරයක්. ඒවගේම එය ප්‍රගතිශීලි බදු ක්‍රමයක් වන අතර ඒ සඳහා අප බලධාරීන් දිරිමත් කරනවා.  මෙය ඉතා ගැඹුරින් අධ්‍යයනය කළ යුතු තඅර මීට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සූදානම්.“

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *