එදා රහසේ සිදුකල කළු තොප්පිකරුවන්ගේ මහා පාවාදීම අද එලිපිටම..! Lankan People සියළු තතු හෙලිකරයි..!

ගාලු මුවදොර ක්‍රියාත්මක වූ ජන අරගලය තුළ ප්‍රධාන සංවිධානයක් ලෙස කටයුතු කළ කළුතොප්පිකරුවන්ගේ ව්‍යාපාරය එම අරගලය තුළ රහස් කුමන්ත්‍රණයක් දියත් කරමින් ජනතා අභිලාෂයන් නොතකා හැර සිය පටු දේශපාලන අභිලාෂයෙන් ඉටු කරවා ගැනීම සඳහා මහා පාවාදීමක් සිදුකල බවට සාධාරණ සැකයක් මතුවන අන්දමේ සිද්ධි කීපයක් අපට වාර්තාවේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක ජනාධිපති ලේකම් කාර්යාලයට වග කියන එහි අරමුදලින් නඩත්තු වන තවමත් උත්තරීතර පාර්ලිමේන්තුව තුළ සම්මත නොකළ එහෙත් ඉදිරියේදී පණත සම්මත වේ යැයි යන අභිලාෂය මත ක්‍රියාත්මක වන ජන සභා ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක ධූරය දරන්නේ කළ තොප්පිකරුවන්ගේ ව්‍යාපාරයේ කැඳවුම්කරු වන විමුක්ති දුෂාන්ත බව ඔබ දැනටමත් දන්නවා ඇති..

ඊයේ දිනයේ ප්‍රසිද්ධ වෙබ් අඩවියක් වාර්තා කරන පරිදි කලුතොප්පිකරුවන්ගේ අනෙක් කැඳවුම්කරුවා වන හේමප්‍රිය කවිරත්න මහජන ආරක්ෂාව බාර අමාත්‍යවරයා වන ටිරාන් අලස්ගේ පක්ෂයේ දේශපාලන මණ්ඩල ප්‍රධානියා ලෙස පත්කර ඇති බව අපට වාර්තා වේ..

ඒ අනුව ගාලුමුවදොර අරගලය තුළ ක්‍රියාත්මක වූ කළු තොප්පිකරුවන්ගේ ව්‍යාපාරය යනු හුදෙක්ම ජනතාව මුලා කළ සංවිධානාත්මක කුමන්ත්‍රණ ව්‍යාපාරයක් බව මේ වන විට තහවුරු වෙමින් පවතී..

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නාක් මෙන් ජනාධිපතිවරණය කට ළඟටම පැමිණි මොහොතේ එදා ගාලු මුවදොර අරගලය තුළ සිටි කුමන්ත්‍රණකරුවන්ගේ සැබෑව රටට නිරාවරණය වීම තුළින් සැබෑ අරගලකරුවන් යනු කවුද යන්න පිළිබඳව ජනතාවට නිගමනය කිරීම ඉතා පහසු වනු ඇත..

මූලාශ්‍රය – Lankan People පිටුවෙන්

https://web.facebook.com/photo/?fbid=807003661472922&set=a.251943070312320

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *