ශානි අබේසේකරගේ වහාම ආරක්ෂාව වැඩි කරන්න..! අභියාචනාධිකරණයෙන් නියෝගයක්..!

හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ඊළඟ නඩු වාරය තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදෙන ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා තම ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලා ගොනු කොට තිබූ පෙත්සමක් අභියචනාධිකරණයේ හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කලුආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය මහතා කියා සිටියේ ශානි අබේසේකර මහතාගේ රහස් බුද්ධි වාර්තාව මේ වන විට ආරක්ෂක ලේකම්වරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් ඒ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව දැනටමත් කටයුතු සිදු වෙමින් පවතින පවත්ය. ඊට අමතරව වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ බලධාරීන් අතර ගිවිසුමකටද අත්සන් කිරීමට සූදානම් කර ඇති බවත්ය. එසේම මේ සියලු කටයුතු සඳහා මාසයක පමණ කාලයක් අවශ්‍ය බවත්ය.

ඉන් අනතුරුව අධිකරණය ඇමතු ෂානි අබේසේකර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ මේ මොහොත වන විටත් මගේ සේවාදායකයාගේ ජීවිත වලට තර්ජන එල්ල වී ඇති බැවින් යටත් පිරිසෙයින් ඊළඟ නඩු වාරය වෙනතෙක්වත් ආරක්ෂාව වැඩිකර පොලිස් බටයන් හතර දෙනෙක්වත් ලබා දෙන ලෙසත්ය.

දෙපාර්ශවයේ කරුණු සැලකිල්ල ගත් අධිකරණය ඊළඟ නඩු වාරය තෙක් වහාම ශානි අබේසේකර මහතාට වැඩිපුර ආරක්ෂාව සලසන ලෙසට නියෝග කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *