තරුණයන්ව ගොවිතැනට ආස කරන්න 2024 අයවැයෙන් ගොවිජනෙන් මිලියන 1000ක්..!

තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩ සටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර තිබේ.

2024 වර්ෂයේ සංවර්ධන කටයුතු සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 3000ක මුදලක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර එයින් මිලියන 1000ක් මේ සඳහා වෙන් කෙරෙනු ඇත.

ගොවිතැනට කැමති තරුණයින් 1000ක් තෝරාගෙන ඔවුන්ට රුපියල් මිලියනය බැගින්  දී අපනයනය ඉලක්ක කර ගත් වගාවන් සඳහා යොමු කරන ලෙස ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලබන වසරේ දී ප්‍රධාන බෝග හතරකට ප්‍රමුඛත්වය ලබා දී වගා කෙරෙන අතර ඊට වී, බඩඉරිඟු, මිරිස් සහ අර්තාපල් අයත් වන බව අමාත්‍යවරයා කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *