හදවතේ ගායක චාමරව බලන්න එන්න එපා..! රෝහලෙන් ඉල්ලීමක්..!

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා මේ වනවිට අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒ මහතා බැලීම සඳහා කිසිදු බාහිර පුද්ගලයෙකුට අවසර නොලැබෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ චාමර වීරසිංහ මහතා බැලීම සඳහා අවසර හිමිව ඇත්තේ ඒ මහතාගේ ළඟම ඥාතීන් කිහිප දෙනෙකුට පමණක් බවය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතාව මීට දින කිහිපයකට පෙර කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ඇති බව එහි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *