ඩලස් පිල දෙකඩ වේ..! පක්‍ෂයේ නම සජිත්ට යද්දි බහුතර පළුව ජනපති රනිල් සෙවනට..!

මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයෙන් යුත් නිදහස ජනතා සභාවේ මේ වන විට බෙදීමක් ඇති වී තිබේ.

ඒ අනුව එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වෙන් යුත් සමගි ජන බලවේග සන්ධානය සමඟ එක්වීමට නියමිතව ඇති අතර බහුතරය වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදෙන අමාත්‍යවරයෙකුගේ සංධානයකට සහය ලබාදීමට සුදානමින් සිටින බව සදහන්.

මහාචාර්ය ජී.එල්. පිරිස්, නාලක ගොඩහේවා ඇතුළු කිහිප දෙනෙකු මෙසේ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම සමග එක්වනු ඇතැයි වාර් තා වන අතර කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය සමඟ සන්ධානගත විය යුතු බවට ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් මත ගැටුම් ඇතිවී තිබෙන අතර ඒ හේතුවෙන් මෙම මන්ත්‍රීවරුන් පිරිස හෝ අවසාන වශයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂය සමඟ එක්වීමට නියමිතව ඇත.

නිදහස ජනතා සභවේ අයිතියද එසේ ඉවත් වන කණ්ඩායම සතු වනු ඇතැයිද සදහන්ය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *