ජවිපෙ විජිත සමග හොර රහසේ චීනෙට ගිය හිටපු ජෙප්පා එජාප සමාජ මාධ්‍ය ක්‍රියාකාරින් නිහඩකරවීමේ මෙහෙයුමක..!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්විමටත් පෙර සිටම ඔහුගේ ප්‍රතිරූපය ජනගත කිරීම සඳහා දිවි හිමියෙන් කැප වෙමින් කටයුතු කරන සක්‍රීය එජාප සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හා ජනාධිපතිවරයා අතර ඇති හොඳ හිත පලුදු කිරීම සඳහා කුමන්ත්‍රණයක් සිරිකොත සහ ජනාධිපති මාධ්‍ය අංශය තුල ක්‍රියාත්මක වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වේ.

ජනතාව විමුක්ති පෙරමුණේ සිට පලවා හරින ලද වර්තමානයේ එජාපයට සම්බන්ධ වී සිටින ගම්පහ දිස්ත්‍රික්කය තුල දේශපාලන කටයුතු සිදුකරන පුද්ගලයකුගේ නායකත්වයෙන් සහ ජනාධිපති මාධ්‍ය අංශය තුල සිටින ඔහුගේ හිතවාදීන් කණ්ඩායමක් එක්ව මෙම කුමන්ත්‍රණය සිදුකරන බව සඳහන්.

ඒ අනුව පසුගිය දින කිහිපය තුළ ජනාධිපති මාධ්‍ය අංශය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ජනගත කරවීම සඳහා දැවැන්ත මෙහෙයක් සිදුකළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපපොළක්ම ඉතා කුමන්ත්‍රනකාරි ලෙස ජනාධිපති කාර්යාලයෙන් ඉවත් කරවීමට මොවුන් කටයුතු කර ඇති බව සඳහන්.

අදාල ගම්පහ ප්‍රදේශයේ හිටපු ජනතා විමුක්ති පෙරමුණු ක්‍රියාකාරී සාමාජිකයා රාත්‍රි සාදවලදී මෙන්ම මිතුරු හමුවලදී ජවිපෙ ප්‍රබලයන් හමුවි සාකච්ඡා කරන බව සියල්ලන් දන්නා ප්‍රසිද්ධ කරුණකි.

මාස කිහිපයකට එපිට විජිත හේරත් සමග හොර රහසේ චීන සංචාරයකට එක්වූ මේ අදාළ තැනැත්තා එහිදී ලැගුම් ගෙන ඇත්තේද විජිත හේරත් සමග එක කාමරයක බව සදහන්. කෙසේ වෙතත් එහිදි එක්සත් ජාතික පක්ෂය හා සම්බන්ධ තොරතුරු රැසක් මොහු විසින් විජිත හේරත් සමගින් සාකච්ඡා කර ඇති බව සදහන්.

මෙවැනි පුද්ගලයන් හට එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය හා සම්බන්ධ තනතුරු ලබාදීම තුළ පක්ෂය කෙරෙහි පාක්ෂිකයන්ගේ ඇති විශ්වාසය බොඳ වන බව සඳහන් කළ යුතුම කරුණකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *