පාරිභෝගිකයන්ට සහනයක්..! කීරි සම්බා සදහා ආදේශකයක් අනායනය කිරිමට කැබිනට් අනුමැතිය..!

කීරි සම්බා සහල් වෙනුවට ඊට සමාන GR 11 නැමති සහල් මෙට්‍රික්ටොන් 50,000 ක් පෞද්ගලික අංශය මඟින් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

ආහාර ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ මත වෙළෙඳපොළේ සහල් මිල පාලනය සඳහා එම තීරණය ගෙන ඇති අතර ඒ අනුව 2023.11.20 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එයට අනුමැතිය හිමිව ඇති බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.

දේශීය වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහ සම්බා සහල්වල මිලෙහි තරගකාරීත්වයක් ඇති කරමින්, මිලෙහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම සහල් තොගය ආනයනය කිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ කැබිනට් තීරණය පහතින්.

news images

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *