හරි ඔත්තුවක් දුන්නොත් ශක‍්‍රයා වුනත් අල්ලනවා..! ඇමති ටිරාන්ගෙන් ප්‍රකාශයක්..!

බාල ඖෂධ ජාවාරම පිළිබඳව සාක්ෂි ලැබුණහොත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා නොව කුමන තරාතිරමක පුද්ගලික වුවත් අත්අඩංගුවට ගැනු ඇති බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා පවසයි.

ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ද හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බවද ටිරාන් අලස් මහතා පැවසීය.

කුමන හෝ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැයීමට සාක්ෂි තිබිය යුතු බවත් මාධ්‍ය හෝ දේශපාලන පක්ෂවලින් කෑ ගැසූ පමණින් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් නැති බවත් ඔහු පෙන්වා දෙයි.

ඖෂධ ජාවාරම පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සාර්ථකව කරගෙන යන බවද හෙතෙම පැවසීය.

දැනටමත් මෙම ජාවාරම සම්බන්ධයෙන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් සාක්ෂි අනුව තවත් අය ඉදිරියේදී පොලිස් අත්අඩංගුවට පත්වනු ඇති බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *