නරක කාලය පවතින්නේ තව මාස දෙක තුනක් පමණක් බවට ඇමති මනූෂගෙන් ප්‍රකාශයක්..!

2024 වර්ෂය විදෙස්ගත ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් වූ ව්‍යවසායකත්වයේ වසර ලෙස නම් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුබ සාධන වසර ලෙස නම් කරන ලද 2023 වර්ෂයේදී  ඔවුන්  වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ආධාර ලබාදීමට හැකියාව ලැබුණු බවද අමාත්‍යවරයා  සඳහන් කළේය. 

වත්මන්  ආර්ථිකය නිසා ජනතාවට අපහසුතා තියෙන නමුත්  මේ තත්වය අවම කර තව මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව සලසලා දෙන බව අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව කීවෙි  2024 නව වසරට සුබ පැතුම් එක් කරමින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවති  වැඩසටහනකට එක්වෙමිනි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *