පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක්..?

ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පොදු ජන පෙරමුණේ ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් උත්සහ දරමින් සිටින බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයක් මේ වසරේ අවසානයට පෙර ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුව තිබුණද ජනාධිපතිවරයාට සිය බලතල අනුව පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැරීමේ බලය පවතී.

ජනාධිපතිවරයාගේ පාර්ශවයේ ප්‍රකාශකයන් අවස්ථා කිහිපයකදීම විටින් විට සඳහන් කළේ ජනාධිපතිවරණය මේ වසරේ පළමුව අනිවාර්යෙන්ම පැවැත්වෙන බවයි.

නමුත් පොදු ජන පෙරමුණේ ඇතැම් පිරිස් මේවන විට පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තාවේ.

පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන පස්වෙනිදා ඇමරිකාවේ සිට මෙරටට පැමිණෙන අතර ඔහු පැමිණීමෙන් පසු මැතිවරණය සම්බන්ධයෙන් එම පක්ෂය වැදගත් තීන්දු කිහිපයක්ම ගැනීමට නියමිතව ඇත.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *