ක්‍රිකට් බේරගන්න ජනපතිවරණයට මං එනවා…! මන්ත්‍රි රොෂාන් රණසිංහ..!

ඉදිරි ජනාධිපති වරණයේදී කවුරුහරි ආරාධනා කලොත් පොදු අපේක්ෂකයා වෙන්න මම ඒ ගැන සලකා බලනවා..යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පලකර සිටියේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මුණ ගැසීම සදහා ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයට පැමිණ ඉන් අනතුරුව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

වැඩිදුරටත් හිටපු අමාත්‍ය වරයා කියා සිටියේ, තව දුරටත් තමන් ස්වාධීනව සිටින බවත් කිසියම් කෙනෙකු හොද යෝජනාවක් කරන්නේ නම් ඉදිරි දේශපාලනය වෙනුවෙන් ඒ ගැන සිතා බලන බවයි.

මන්ත්‍රී කමේ සිට තමන් ජනතාව වෙනුවෙන් හොරකකම් වලට විරුද්ධව තව දුරටත් කටයුතු කරන බවද කීය.

මෙහිදී ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ පසුගිය කාලයේ මේ රට විණාශ වෙන්නට පො‍හොට්ටුව එක්ක වැඩ කල රොෂාන් රණසිංහ හිටපු අමාත්‍යවරයාද වගකිව යුතු බවත් කෙසේ හෝ එයින් මිදී එලියට පැමිනීම ඉතාමත් හොද කරුනක් බවද කීය. තවදුරටත් ඕමල්පේ සෝභිත හිමියන් කියා සිටියේ, ප්‍රතිපත්ති මත යන ගමනකට ඉදිරියේදී කටයුතු කල යුතු බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *