ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 දෙසැම්බර් මාසයේ ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 59.2% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
2022 නොවැම්බර් මාසයේ දී මෙම අගය 65.0% ක් ලෙසින් වාර්තා වී තිබුණි.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී පැවති 69.8% සිට 2022 දෙසැම්බර් මාසයේ දී 59.3% ක් දක්වා පහළ ගොස් තිබේ.
මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 නොවැම්බර් මාසයේ දී පැවති 60.4% සිට 2022 දෙසැම්බර් මාසයේ දී 59.0% ක් දක්වා පහළ ගොස් තිබේ.