ආන්ත දූෂිත රාජපක්ෂ රෙජීමය ශ්රී ලංකාවේ පාලන බලය අල්ලාගෙන සිටි කාල සමය තුළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජාතික සේවක සංගමයේ බැංකු සේවකයන්ට එළව එළවා පහර දුන් එවකට රාජපක්ෂ රෙජීමයට හිතවාදීකම් දක්වන බණ්ඩාර නැමැත්තෙකු මේ මොහොත වන විටත් එජාප නායක රනිල් වික්රමසිංහ ජනාධිපති වී ඇති පසුබිමක නැවතත් බැංකු සේවකයින්ට දැඩි ලෙස තාඩන පීඩන එල්ල කරමින් සිටින බව අපට වාර්තා වේ.
මේ වන විට බැංකු ක්ෂේත්රයෙන් විශ්රාම ගොස් ඇති බණ්ඩාර නමැති අදාල නිලධාරියා ප්රගති සේවක සංගමය යන නාමයෙන් අටවාගත් සංවිධානයක් යොදාගෙන එජාප වෘත්තිය සමිතිය නියෝජනය කරන බැංකු සේවකයන් හට විවිධ අඩත්වයට්ටම් කරමින් සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තාවේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරන පරිදි ජාතික සේවක සංගමයේ කිහිපදෙනෙක් මොහුට සහය ලබාදෙන අතර එම සහය යොදාගෙන ප්රසිද්ධියේ දේශපාලනය නොකරන එහෙත් කැපුවත් කොළ පන්නයේ එජාප හිතවාදින්ට එජාපයත් ජනාධිපතිවරයාත් කළකරවීමේ කුමන්ත්රණයක යෙදි සිටින බව සදහන්.
තම පක්ෂය නියෝජනය කරන ජනාධිපතිවරයෙකු යටතේත් විපක්ෂයේ සිටියාක් මෙන් නැවත නැවතත් තාඩන පීඩනවලට ලක් වීම ඉතා කණගාටුදායක කරුණක් බව ජාතික සේවක සංගමය නියෝජනය කරන බැංකු සේවකයන් පවසති.