පාසල් සිසුවෙකුට මරු කැඳවූ අනතුර

ගල්ගමුව පාලුකඩවල අතරගල්ල ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. තිදෙනකු ගමන් කළ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව ඇළකට පෙරළීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය. අනතුරින් බරපතළ තුවාල ලැබු තිදෙනා ගල්ගමුව රෝහලට ඇතුළත් කිරීමේ දී…

මිලියන 17ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු කොටුවෙයි

බ්‍රසීලයේ සිට කෝකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන මෙරටට පැමිණි විදෙස් ජාතිකයකු කටුණායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩිදුරටත් වාර්තා වන්නේ ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද උදෑසන ඔහු අත්තඩංගුවට ගත් බවය. එහිදී අදාළ පුද්ගලයාගේ ගමන්…

පහළ ආ රන් මිල අධි වේගයෙන් යළි ඉහළට

පසුගිය සතියේ දී සීඝ්‍රයෙන් පහළ ආ රත්‍රං මිල ගණන් මේ වන විට නැවත වරක් ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කර තිබේ. ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළෙහි කැරට් 22 රන් පවුමක මිල රු. 160,000 ක්…

විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය ගැන වෘත්තීය සමිති සහ ඇමති අතර සාකච්ඡා

විදුලි වෘත්තීය සමිති සහ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් සිදුව තිබේ. ඊයේ (12) පස්වරුවේ අමාත්‍යංශ පරිශ්‍රයේ දී එම සාකච්ඡාවක් පවත්වා ඇති  අතර ඊට ලංකා විදුලි බලමණ්ඩලය නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සහභාගී වී…

යාල්දේවි පීලි පනී…!

කොළඹ කොටුව සිට අනුරාධපුරය බලා ධාවනය වු යාල්දේවි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඔරුගොඩවත්ත දුම්රිය පාලම ආසන්නයේ දි පීලිපැනීමකට ලක්ව තිබේ. දුම්රිය මැදිරි දෙකක් මෙලෙස පීලිපැනීමට ලක්ව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සඳහන් කළේය. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය…

කාලකන්නි වර්ජනය නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතී..!

අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරු අයදුම් කිරීම ප්‍රමාණවත් නොවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීම දින කීපයකින් කල්දැමීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද (22) ආරම්භ…

මුහුණු පොතින් මිතුරු වූ හොර මිනිහාට දැරියත් දන් දීලා

මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණිය අපයෝජනය කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ…

වාහනහිමියන් ට සමාගම් කිහිපයකින් විශේෂ දැනුම්දීමක්

ටොයොටා ලංකා පුද්ගලික සමාගම විසින් වාහන හිමිකරුවන් වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ Toyota Corolla සහ Yaris  වර්ගයේ මෝටර් රථවල Airbag නොමිලේ ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙනි. මේ වනවිටත් ඊට අදාළ විශේෂ වැඩසටහනක් දියත් කර ඇති බව ද එම නිවේදනයේ…

සුද්දන්ගේ හිත තල්වලට යයි

(සුජිත් හේවාජුලිගේ ) තල් රා එංගලන්තයේ ජනප්‍රිය කිරීමේ විශේෂ වැඩසටහනක් ආරම්භ කළ බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය. මීට අමතරව තල් ආශ්‍රිත අනෙකුත් නිෂ්පාදනද එංගලන්තයේ ප්‍රචලිත කිරීමට කටයුතු යොදා ඇතැයි පැවසූ සභාපතිවරයා ඒ වැඩසටහනේදී…

ජනපති යාපනයේ දී කුඹුරට බසියි

වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය….