සෙල්ෆි ගනිද්දි පරිස්සමෙන්..! මාස්ක් නැතිව සෙල්ෆි ගත්තොත් දඩ…!

මුව ආවරණයක් නොපැලඳ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම හේතුවෙන් චීලි ජනාධිපතිවරයාට දඩ මුදලක් නියම කර තිබේ.

චීලි ජනාධිපති සෙබස්තියන් පිනේරාට අමෙරිකානු ඩොලර් 3500 ක දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වෙරළ තීරයකදී චිලී ජනාධිපතිවරයා කාන්තාවක් සමග මුව ආවරණයක් නොමැතිව ලබාගත් සෙල්ෆි ඡායාරූපයක් පසුගිය දිනවල එරට සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය විය.

එම ඡායාරූපය සම්බන්ධයෙන් චිලී ජනාධිපති සෙබස්තියන් පිනේරා සමාව අයැදෙමින් කියා සිටියේ මුව ආවරණයක් නොමැතිව ඡායාරූපයකට පෙනී සිටිමේ වරද තමා පිළිගන්නා බවය.

චිලී රාජ්‍යයේ මුව ආවරණ නොපැලඳීමේ නිතී දැඩි බැවින් ජනාධිපතිවරයාට මෙලෙස දඩ මුදලක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. 

මේ වන විට චිලී රාජ්‍යයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 583,354 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 16,101ක් සිදුව තිබේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *