ජනපති රනිල්ගේ සංකල්පයකට අනුව බියගමට අලුත් පන්නයේ රෝහලක්…!

දෙස් විදෙස් සංචාරකයන්ට නවාතැන් ගෙන රෝග ප්‍රතිකාර ලබාගත හැකි නවීන පන්නයේ එය රෝහලක් බියගම කේන්ද්‍ර කරගනිමින් ඉදි කිරීමට රජය තීරණය කර තිබේ.

බියගම රෝහල ආශ්‍රිතව වෙල්නස් විලේජ් (Wellness Village) සංකල්පයට අනුව ඉදි කිරීමට නියමිත මෙම  පිළිබඳ සාකච්ඡාවක් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම රෝහල ඉදිකෙරෙයි. මෙවැනි රෝහලක් ශ්‍රී ලංකාවේ ඉදි කරන්නේ  ප්‍රථම වතාවටයි.

වෙල්නස් විලේජ් සංකල්පය ක්‍රියාවට නංවමින්   “මෙඩිකල් ටුවරිසම්” ප්‍රවර්ධනය ඉලක්කය කර මෙම රෝහල ඉදි කරන බව රුවන් විජයවර්ධන මහතා පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *