ආයුවේදය රැකගන්න රජයෙන් නව පියවර රැසක්..! ස්පා වෙනුවට රජයෙන් නිසි ප්‍රමිතිගත බොඩි මන්ත්‍රා..!

“බොඩි මන්ත්‍ර” නමින්  ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් අලුතෙන්  ස්පා රටපුරා ඇතිකිරීමට කටයුතු කරන බව ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද(30දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙල සාර්ථක කරගැනීමට ව්‍යාපාරිකයින්ට සහ පෞද්ගලික අංශයට ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එක්වන ලෙසද අමාත්‍යවරයා ආරාධනා කර සිටියේය,

අයුර්වේද දෙපාර්තමේන්තුවෙන් බොඩි මන්ත්‍ර නමින් අලුත් ස්පා ආරම්භකරන්න අපි සැලසුම්කර තිබෙනවා. එමගින් වැරදිවැඩ ගොඩක් නතරකරගන්න පුළුවන් වෙයි. මේ නිසා ආයුර්වේද දෙපාර්තමේන්තුව සමඟ එකතුවෙලා අලුත් ස්පා එකක් දාන්න පෞද්ගලික අංශයටත් ව්‍යාපාරිකයන්ටත් අපි ආරාධනා කරනවා.  මෙය නිවැරදි ආයුර්වේද ක්‍රමයන් මත සකස් කරන සම්භාහනයක්. එවැනි දේ අපේ රටේ ජනතාවට විවාවෘතයි. දේශිය වෛද්‍ය ක්ෂේත්‍රය කර්මාන්තයක් බවට පරිවර්ථනය කරන්න අපි කැමතියි. මේ නිසා අපි සංචාරක කර්මාන්තයටත් ආරාධනා කරනවා මේ සමඟ එකතුවෙන්න කියලා.” යැයි පැවසීය.

ආයුර්වේද ක්ෂේත්‍රය සක්‍රීය කිරීමට කටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *