කොළඹ නගර සීමාවේ රාජ්‍ය ආයතන 72ක, පාසල් 53ක ඩෙංගු කීටයන් රජ වෙලා..! නිලධාරින් දොයි..!

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන 72 කින්ද, පාසල් 53 කින්ද ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන හඳුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ විසින් රජයේ ආයතන 121 ක් සහ පාසල් 65 ක කරන ලද පරීක්ෂාවේදී ඩෙංගු මදුරු කීටයන් බෝවෙන ස්ථාන හඳුනාගෙන ඇත.

වැසි තත්වය නිසා දෙසැම්බර් මාසයේදී ඩෙංගු ව්‍යාප්තිය වැඩිවීමේ අවදානම් තත්වයක් පවතින බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි කීවේය.

දිවයිනේ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 47 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවත්, එම රෝගීන් වාර්තා වන්නේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් බවත් කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. 

ගොතටුව, මහරගම ආදී ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශ තුළින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව අනාවරණය වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *