රජයේ නීතිඥ නිශාරා ජයරත්නට කොමිසමේදී ලබාදුන් තීන්දුව…!

සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරින් එම කටයුතු පැහැර හැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබී තිබෙනවා.

ඒ බව හෙළිවුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනෙවිය සාක්ෂි ලබාදීමට අද (21) පැමිණි අවස්ථාවේදීයී.

මේ අතර ජනපති කොමිසමට අපහාස කළ අයෙකු ලෙස නිෂාරා ජයරත්න මෙනෙවිය නම්කරන්නැයි, විනය පියවර ගැනීමට නිර්දේශ වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ පාර්ශවය කළ ඉල්ලීම කොමිසමේ බහුතර මතය අනුව අද (21) ප්‍රතික්ෂේප වුණා.

මේ අතර, මාලික් අසීස් සහ අසාද් නවාවි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නීතිපති දෙපාර්තිමේන්තුව ඉදිරිපත් කර ඇති මූලික විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට ආරංචි මාර්ග අනාවරණ කරනවා

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *