ආණ්ඩුව වැඩ අල්ලයි..! මහර බන්ධනාගාරයේ මියගිය 11ම වෙඩි තබා ඝාතනය කරලා..!

පසුගිය නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගර නොසන්සුන්තාවයේදී මියගිය රැඳවියන් 11 දෙනාම මරණයට පත්වී ඇත්තේ වෙඩි වැදීමෙන් බව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වුණා.

අදාළ පංච පුද්ගල විද්වත් මණ්ඩලය විසිනුයි අද අධිකරණයට එය දැනුම් දුන්නේ.

මින් පෙර රැඳවියන් 08 දෙනෙකුගේ මරණවලට හේතු වූයේ වෙඩි වැදීම් බව අනාවරණ වුණා.

ඔවුන් කොරෝනා ආසදිතව සිටීම හමුවේ එම සිරුරු ආදාහනය කරන ලෙසටයි අධිකරණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියම කර තිබුණේ.

අද දිනයේදී පංච පුද්ගල විද්වත් කමිටුව අධිකරණයට දන්වා සිටියේ අනෙක් රැඳවියන් 03 දෙනාගේ මරණවලට හේතුවද වෙඩි වැදීම් බවයි.

කෙසේවෙතත් ඔවුන්ට කොවිඞ් ආසාධනය නොවීම හමුවේ එම සිරුරු ඥාතීන්ගේ එකගතාවය මත සුදුසු ස්ථානයක රජයේ වියදමින් භූමදානයට පියවර ගන්නැයිද වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කලා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *