ඉන්දීය විදේශ ඇමති සහ ඉන්දීය අගමැති උපදේශක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර හමුවක්..!

මේ රට පැතිර යන කොවීඩ්  වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය මෙන්ම ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතාගේ උපදේශකවරයෙකු වන රනිල් වික්‍රමසිංහ, ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ගෙන් ඉල්ලීමක් කළේය. කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මෙම කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමග ඉන්දීය නිල නිවසේ දී (07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

Screen Shot 2021 01 07 at 1.58.06 PM

  ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික ධුර වලින් බැහැරව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම  විශේෂත්වයක් බව කොළඹ තානාපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා  එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම විශේෂත්වයකි.   දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා  එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීම විශේෂත්වයකි.  කොවීඩ් වසංගතය හේතුවෙන් දෙරට මුහුණ දෙන අභියෝග පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ ඇමති සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය. කොවීඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් මේවනවිටත් රජය සමඟ සාකච්ඡා කර ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය. ඉහත ප්‍රවණතාව ඉහළින්ම අගය කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම අසීරු කාල සීමාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *