පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි..!

පොදුජන පෙරමුණේ සම්මේලනයේදී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් කරන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී ලබන 15 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය පැවැත්වෙන බව රාජපක්ෂ මහතා කීය.

පොදුජන පෙරමුණේ නිලධාරී මණ්ඩලය වෙත පක්ෂයේ පරිපාලන කටයුතු පැවරෙද්දී ගම් මට්ටමින් පක්ෂය යළි ගොඩනැගීමේ කටයුතු වෙනම යාන්ත්‍රයක් ඔස්සේ ආසන මට්ටමින් ක්‍රියාත්මක කරන බව ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

තමාද වැඩි අවධානයක් යොමුකර ඇත්තේ එම ප්‍රතිසංවිධාන සඳහා යැයි ද රාජපක්ෂ මහතා කීය. ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් එම මැතිවරණ වලට මුහුණ දීම සඳහා පක්‍ෂය වඩාත් ශක්තිමත් කළ යුතු යැයිද පක්ෂයේ විධායක කමිටුවට ද නව සාමාජිකයන් පත් කිරීමට නියමිත බවද මන්ත්‍රීවරයා කීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *