ආණ්ඩුව අසමත්..! කැබිනට් සංශෝධනයක් අතළග..! මං දන්නේ නෑ…! කැබිනට් ප්‍රකාශක මාධ්‍යයට කියයි..!

දිනෙන් ජනතාව අතර අප්‍රසාදයට පත්වෙමින් නන්දසේන ජනාධිපතිවරයා ප්‍රධාන වර්තමාන රජය එම තත්වයෙන් මිදීමට කඩිනම් ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට නියමිතව ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙමින් තිබේ.

ජනාධිපති නන්දසේන රාජපක්ෂ මහතා විසින් මේ සම්බන්ධයෙන් දැනටමත් කටයුතු සූදානම් කරමින් ඇතැයි ද එම වාර්තාවන්හි සඳහන්ය.

කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ පිළිබඳව කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තමන් එවන්නක් නොදන්නා බවයි.

කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ පූර්ණ අයිතිය නීත්‍යානුකූලවම ජනාධිපතිවරයාට ලැබී ඇති බවත් එසේ වෙනසක් සිදුවන්නේ නම් එය දන්නේ ඔහුම පමණක් බවද ඇමතිවරයා පැවසීය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *