නිදහස් දා වැසෙන පාරවල්..!

75 වැනි ජාතික  නිදහස්  සැමරුම උත්සවය නිමිත්තෙන් පෙබරවාර මස (4) කොළඹ නගරයේ විශේෂ රථවාහන සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

ගාලුපාර, බම්බලපිටිය, බාලදක්ෂ මාවත හංදියේ සිට ගාලුමුවදොර වටරවුම දක්වා  උත්සවය පැවැත්වෙන කොටස හෙට (3) පස්වරු 2.00 සිට අනිද්දා (4) උත්සවය අවසන් වනතුරු වසා තැබෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

බම්බලපිටිය  දුම්රියපොළ   හංදියේ සිට  කොල්ලුපිටිය  හංදිය දක්වා  මුහුදු මාවත කොටස මාර්ගය හෙට සවස 6.00 සිට අනිද්දා (4) පෙරවරු 10.00 දක්වා  වසා තැබෙන බවත්, මාර්ග වසා තැබෙන එම ප්‍රදේශයේ පදිංචි ජනතාවට , ව්‍යාපාරික ස්ථාන වලට, කාර්යාලවල සේවක පිරිසට කිසිදු බාධාවක් නොවන පදිරි රථවහන ගමනාගමනය සීමා කර ඇති බවද පොලිස් මුලස්ථානය කියයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *