අදත් බිංදුවයි..! ක්‍රිකට් ලොක්කන්ගේ සුරතලා කුසල් මෙන්ඩිස්ට විස්තර විචාරකයොත් හිනාවෙයි..!

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද ඇරඹුනා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

මේ වනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩුලු දෙකක් දැවී ලකුණු ලකුණු 22ක් ලබා සිටිනවා.

අද දිනයේත් කුසල් මෙන්ඩිස් ලකුණු බිංදුවකට දැවී ගියා. ඒ ඔහු පිට පිට බිංදුවකට දැවී ගිය සිවුවෙනි අවස්තාවයි.

මේ අනුව ඔහු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ බිංදු 24ක් ලබා සිටිනවා. මෙම වාර්තාවට අඩුම ඉනිම් සංඛ්‍යාවකින් සපුරා ගත් ක්‍රීඩකයා කුසල් මෙන්ඩිස් වේ.

ලොව වේගවත්ම අන්තර්ජාතික බිංදු 25 රැස් කිරීමට ඔහුට අවශ්‍ය ඉනිම් 15කදී එක බිංදුවක් පමණයි.

කුසල් මෙන්ඩිස්ට ක්‍රිකට් ක්‍රීඩාව තුල ප්‍රබල ආගමික පාදිලිවරයෙකුගේ සහය පවතින අතර, ක්‍රිකට් පරිපාලනයේ ප්‍රබල බලපෑමක් හිමි ඔහු කුසල් මෙන්ඩිස් ආරක්ෂා කරමින් සිටින බවට පසුගිය සමයේ චෝදනා එල්ල වූවා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *