පාර්ලිමේන්තුවේ 17කට කොරෝනා..! ආපන ශාලාව වසා දමයි…!

පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිතයන් තවත් 05 දෙනෙකු හමු වීම හේතුවෙන් එහි කථානායක කාර්යාලය සහ විධායක නිලධාරීන්ගේ ආපනශාලාව සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

අලුතෙන් හඳුනාගත් ආසාදිතයන් සමග පාර්ලිමේන්තුවේ මේ දක්වා හමුවේ ඇති ආසාදිතයන් ප්‍රමාණය 17ක් දක්වා ඉහළ යයි.

මේ තත්ත්වය මත එළැඹෙන සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් ද බොහෝ දුරට කල් දමනු ඇතැයි ද ආරංචි මාර්ග කියයි.

දැනට නිරෝධායන ලක් කර ඇති පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සහ සේවකයන් සංඛ්‍යාව 150 කට ආසන්නය.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *