නොසිතු වෙලාවක ස්ටුඩියෝ එකක් ඇතුලේ යුරේනිට වෙච්චි අමුතු දේ මෙන්න..!

යුරේනි නොෂිකා ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන යුරේනි ආකර්ෂණීය සරාගී විලාසිතා නිසාම කාගෙත් අවධානය දිනාගත්ත දක්ෂ රංගන ශිල්පිනියක්. කවුරුත් ආදරේ කරන ඇය මේ දවස්වල එකිනෙකට වෙනස් නිර්මාණ කිහිපයක් නිසාම කාර්යබහුලයි. ඒ කාර්යබහුලතා මැද්දේ පිනිපලස සමග එකතු වෙන්නත් ඇය අමතක කරේ නැහැ.

‘ඩ්‍රාමා ක්වීන්’ අලුත්ම සිංදුවකින් යුරේනිව දකින්න ලැබෙනවා, ඒ ගැන කිව්වොත්

දුලාන් ARXගේ අලුත්ම සින්දුවට මමත් එකතු වුණා. ඇත්තෙන්ම මුලින්ම මට කතා කරේ ‘ඩ්‍රාමා ක්වින්’ කියන මේ සින්දුවේ මියුසික් වීඩියෝ එකට. පසුව තමයි අපි කතා වුණේ එකතුවෙලා කරමු කියලා. මමත් හිතුව හුඟ කාලයකින් සින්දුවක් කරේ නැති නිසා දුලාන් එක්ක එකතු වෙලා මේ සින්දුව කරන්න. දුලාන් කියන්නේ නව පරපුරේ දක්ෂ කෙනෙක්. ලස්සන වෙනස් වැඩක්. මම හිතනවා මේක අතිශය තරුණ පරපුර අතර හිට් වෙයි කියලා. දුලාන් ලියන ස්ටයිල් එක හරි යුනික්. ඒ එක්කම මේක හරි ෆනී, කැචි සහ ෆීලින් එකක් තියෙන සින්දුවක්. මේක රැප් සින්දුවක්. මම ජීවිතේ පළවැනි වතාවට රැප් කරන්නේ. වැඩේ සාර්ථක වෙයි කියලා.

විෂුවල් එක ගැනත් අපි කතා කරමු…

ඇත්තටම දුලාන්ට ඕනේ වුණේ විෂුවල් එක කොළඹ ස්ටූඩියෝ එකක් ඇතුළේ කරන්න. ඊට පස්සේ මම මේකට එකතු වුණාම ඒ අයට ආසාවක් ආවා යොට් එකක කරන්න. විශේෂයෙන් මේ අවස්ථාවේ Sail Lanka ආයතනය මතක් කරන්න ඕනේ. මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් මම ඒ ආයතනය කන්ටැක් කර ගත්තා. ඒ අයට තමයි ලංකාවේ luxury yachts තියෙන්නේ. මේ දවස්වල ත්‍රිකුණාමලයේ නිලාවැලිවල තමයි නැව් ඔක්කොම තියෙන්නේ. දුලාන්ට සහ දුලාන්ගේ මැනේජර් විරාජ් චිරන්ජිත් මල්ලිටත් ඕනේ වුණා ලොකු වෙනසක් කරන්න. ඊට පස්සේ අපි ඔක්කොම කට්ටිය කතාවෙලා 40ක් වගේ පිරිසක් නිලාවැලි ගිහින් තමයි විෂුවල් එක කරේ. කැමරාකරණයෙන් නික් ලියෝස් අපිට උපරිම සහයෝගය දුන්නා. මමත් මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දුන්නා. මම මෙතෙක් දැක්ක රෝ ෂොට්ස් අනුව ග්‍රීසියේ ෂූට් කරා වගේ. ලංකාවේ කියලා හැඟෙන්නේවත් නැහැ. කලර් ග්‍රේට් කරලා එද්දී තව ලස්සන වෙයි. සෑහෙන කාලෙකට පස්සේ ලංකාවේ කරපු දැවැන්ත වැඩක්.

යුරේනි නොෂිකා නිෂ්පාදනය කළ කෙටි චිත්‍රපටය ගැනත් අපි කතා කරොත් …

High School Junkies ලා එක්ක තමයි මම මගේ මුල්ම කෙටි චිත්‍රපටය කරේ. ඉංග්‍රීසි කෙටි චිත්‍රපටයක්. නම් කරලා තියෙන්නේ TEDDY කියලා. ඒක මේ වෙද්දී යූටියුබ් ඔස්සේ දකින්න පුළුවන්. ඒ වෙනුවෙන් සෑහෙන ප්‍රතිචාර තියෙනවා. කාන්තා අයිතිවාසිකම් ගැන සහ විවාහයක් තුළදී කාන්තාවකගේ ඉවසීම කියන එක, ගෘහස්ථ හිංසනය සහ ගෘහස්ථ දූෂණය කියන එක ගැන කතා වෙන කෙටි චිත්‍රපටයක්. කසාද ජීවිතේ තුළ වුණත් කාන්තාවගේ අවසරය නැතුව පිරිමියාට සංසර්ගයේ යෙදෙන්න බැහැ. ඒක ඇත්තටම වෙන රටවල්වල නීතියෙන්ම තියෙනවා. නමුත් ලංකාවේ එහෙම නැහැ. ඒ නිසාම ගොඩක් කාන්තාවන් විවාහ ජීවිතේ තුළ දුක් විඳිනවා. මට ඕනේ වුණේ ඒ අය වෙනුවෙන් හඬක් නගන්න. කිසිම දෙයක් නිසා ජීවිතේ අතහරින්න එපා කියන පණිවුඩය ලබා දෙන්නයි මට අවශ්‍ය වුණේ. ඒ නිසාම එවැනි අයට ජීවිතේ දිහා ධනාත්මකව බලන්න අලුතින් දකින්න පුළුවන් සිතුවිල්ලක් මේ ඔස්සේ අපි ලබා දීලා තියෙනවා. ඒ හින්දම මේ වෙද්දී ගොඩක් හොඳ ප්‍රතිචාර තියෙනවා. එක කාන්තාවක් කියලා. මම මගේ ජීවිත කතාව විනාඩි 16කින් නැරඹුවා, ඒකට ගොඩක් පින් කියලා. මේ දේවල් අහද්දී දකිද්දී දැනෙනවා සමාජයට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා ලැබෙන ප්‍රතිචාර එක්ක හරි සතුටින් ඉන්නේ. ඉදිරියටත් මම අදහස් කරගෙන ඉන්නවා මේ කෙටි චිත්‍රපටය වගේ තවත් නිර්මාණ කරන්න.

රංගනය පැත්තෙන් මේ දවස්වල මොකද වෙන්නේ…

අලුත්ම ටෙලි නාට්‍යයක වැඩ පටන් ගත්තා. අවුරුදු ගාණකට පස්සේ මම ටෙලි නාට්‍යයක් භාරගත්තේ. අනුර ඒකනායක තමයි එහි අධ්‍යක්ෂවරයා වන්නේ. එය නම් කරලා තියෙන්නේ ‘රීකන්ඩිෂන් කෙල්ල’ කියලා. එහි මම පළමුවැනි වතාවට ගමක චරිතයක් කරන්නේ. තිස්සමහාරාම කතරගම පැත්තේ ෂූටින් කරේ. ගමේ ළමයෙක් කොළඹ ඇවිත් ජීවිතේ වෙනස් වෙන විදිය. එහි චාන්දනී සෙනවිරත්න, ධර්මප්‍රිය ඩයස්. කලණ ගුණසේකර, කෞශි අක්කා වැනි දක්ෂ ප්‍රවීණයෝ රැසක් ඉන්නවා. ඒ වගේ කට්ටියක් එක්ක වැඩ කරන්න ලැබුණු පළමු අවස්ථාව. ආසාවෙන් ඉන්නවා ඒ නාට්‍යය විකාශය වෙනකම්. අභියෝගාත්මක චරිතයක් මම හිතනවා ප්‍රතිචාර හොඳ වෙයි කියලා.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *