ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ දියවු.! හමුදා පාලනය අකුලා ගනිව්..! මියන්මාරයේ දහස් ගණන් ජනතාව විදි බසියි..!

හමුදා පාලනය අවසන් කරන ලෙස බලකරමින් දහස් සංඛ්‍යාත මියන්මාර වැසියන් උද්ඝෝෂණ සහ විරෝධතා ව්‍යාපාර ඇරඹීම හේතුවෙන් මේ වන වීට එම තත්ත්වය පාලනය කිරිමට කැරළි මර්ධන පොලිස් ඒකක යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

“යැන්ගුන් මිලිටරි පාලනය අවසන් කරන්නැයි” බලකරමින් පැවැත්වෙන මෙම විරෝධතා හේතුවෙන් රැන්ගුන් නගරය පුරා මාර්ග බාධක යොදා අවහිර කොට ඇති අතර ආයුධ සහ මුගුරු අතින් ගත් කැරළි මර්ධන ඒකක වල නිලධාරින් නගරයේ සෑම තැනකම ආරක්ෂාවට යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

පසුගිය සඳුදා මියන්මාර හමුදාව විසින් දියත් කළ කුමන්ත්‍රණයට විරෝධය පා එරට ශිෂ්‍ය ප්‍රජාව සහ ගුරුවරුන් මෙම විරෝධතාවයන් සංවිධානය කර ඇති අතර දැනට සිර භාරයට ගෙන සිටින ආවුන් සං සුචිට සහය පළකරමින් ඔවුන් රතු පැහැති හිස් පට පැළද විරෝධතා සිදුකරන බවයි වාර්තා වන්නේ.

” මෙම සටන අපේ මතු පරපුර උදෙසායි. හමුදා පාලනය මෙතැනින් අවසන් කළ යුතු යැයි” විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටියි.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ලොව රටවල් රැසක් වත්මන් මියන්මාර මිලටරි පාලනය නතර කොට සිවිල් ආණ්ඩුවකට බලය පවරන ලෙසට ඉල්ලීම් සිදුකර ඇති අතර මේ දක්වා එරට නව හමුදා පාලනයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බව සඳහන්.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *