ණය පොලී පහළට..!

මෙරට බලපත්‍රලාභී වානිජ බැංකුවල, බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (AWPR) 12.79% ක් දක්වා පහළට පැමිණ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ පූර්ව සතියේ දී එම අනුපාතිකය 13.03% ක් ලෙසින් පැවති බවයි. මීට වසරකට පෙර මෙම අනුපාතිකය 28.51% ක් තරම් ඉහළ අගයයක් විය.

මේ අනුව බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයකම බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් 13% මට්ටමෙන් මෙපිටට පැමිණ ඇති බව අදාල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එහිදී මහජන බැංකුව – 12.59%, කොමර්ෂල් බැංකුව – 12.95%, යූනියන් බැංකුව – 12.77% හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව – 12.90% ලෙසින් 13% සීමාවට මෙපිටින් බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය දේශීය වානිජ බැංකු ලෙසින් දක්වා ඇත.

මේ අතර මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර වානිජ බැංකුවක් වන HSඹ්C බැංකුවේ මෙම අනුපාතිකය 11.41% ක් තරම් පහළ අගයක් විය. මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව – 12.95%, සිටි බැංකුව – 12.75%, ඉන්දීය රාජ්‍ය බැංකුව – 12.14% හා පබ්ලික් බැංකුව 12.55% ක් ලෙසින් පහළ බරිත සාමාන්‍ය පුමුඛ ණය අනුපාතිකයන් පවත්වාගෙන ගිය සෙසු විදේශීය බැංකු වේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *