නන්දසේන සර් එන්නේ නැත්නම් 2024 අපි නාමල්ව දාමු..! ඇමති බන්දුලගෙන් මහින්දට යෝජනාවක්..!

තමන් මෙම ධූරකාලයෙන් පසුව දේශපාලණයෙන් සමුගන්නා බවට වර්තමාන ජනාධිපති ගෝඨාභය මැදගොඩ අභයතිස්ස හිමියන් වෙත දුරකතන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ පසුගිය දිනෙක අප වාර්තා කළා ඔබට මතක ඇති.

මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ අපට වාර්තා වන අන්දමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා හදිසියේම අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඇති අතර ජනාධිපතිවරයා නැවත මැතිවරණයට තරග නොකරන පුවත ලුණු ඇඹුල් දමමින් ඔහු අගමැතිවරයාට පවසා ඇත.

නන්දසේන සර් එන්නේ නැත්නම් අපි නාමල්ව දාමු නේද සර්..? යනුවෙන් කටට උත්තරය ලබාදී ඇමති බන්දුල විමසුවද අගමැති මහින්ද එයට පිළිතුරු ලබාදීම වෙනුවට හිස වනමින් නිහඩව එම ස්ථානයෙන් නික්ම ගොස් ඇති බව සදහන්.

මුලාශ්‍රය – SL Vlog

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *