ඔක්ටේන් 91 වාහනයට දැම්මොත් කන්න වෙන පරිප්පුව මෙන්න..!

නන්දසේන රාජපක්ෂ රජයේ මුල්‍ය කළමණාකාරිත්වයේ අසාර්ථකත්වය නිසාවෙන් මතුව ඇති ඩොලර් අර්බුධය හේතුවෙන් රටට අවශ්‍ය ඛණිජ තෙල් ආනායනය කිරිමේ ගැටළුවක් ඇති බව රටම දන්නා කරුණක්. තෙල් නොමැති නිසා පිරිපහදුව වසා ඇති පසුබිමක ඛණිජ තෙල් නොමැතිවීම නිසා රටතුල විදුලි අර්බුධයක් පවා මේ වනවිට නිර්මාණය වී ඇත.

මෙයට විසදුමක් ලෙස ජනාධිපතිවරයාගේ නිර්දේශය මත විෂයභාර උදය ගම්මන්පිළ ඇමතිවරයා ප්‍රමුඛ අදාල අංශ ඉන්දියානු තෙල් සමාගම් සමග සාකච්ඡා කර ඔක්ටේන් 91 කාණ්ඩයේ ඉන්ධන ලංකාවට ආනායනය කිරිමේ සුදානමක් ඇති පසුබිමක එම ඉන්ධන හේතුවෙන් ඔබේ වාහනයට සිදුවන අනතුර පිළිබදව ඔබ දැනුවත්ද.?

ඔක්ටේන් 91 ඉන්ධන භාවිතයත් සමගින් ඔබේ මෝටර් රථයේ එන්ජිමේ කාර්යක්ෂමතාවය පහළ යන අතර බාල තත්වයේ ඉන්ධන හේතුවෙන් අතුරු ආබාධ මතුවීමේ ප්‍රවණතාවයක්ද නිර්මාණය වේ. මෙමගින් ඔබේ වාහනය දිනෙන් දින දුර්වල තත්වයට පත්විමේ සීඝ්‍රතාවය 50%කින් පමණ ඉහළ යන බවද සදහන්..!

ඒ අනුව අඩුමිලට එන එම ඉන්ධන ඔබේ වාහනයට යොදා අමතක නොවන පරිප්පුවක් කනවද නැද්ද යන්න ඔබ තීරණය කළයුතු කරුණකි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *