තෙල් පෝලිම් මදිවට ඔක්ටේන් 95ට 92 කලවමුත් කරලා..?

ඇතැම් ඉන්ධන පිරවුම්හල් තුළ දී ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්වලට ඔක්ටේන් 92 පෙට්‍රල් මිශ්‍ර කිරීම සිදු කර ඇති බවට මේවන විට තොරතුරු වාර්තා වී ඇති බව බලශක්ති අමාත්‍යංශ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය අනාවරණය කරනවා.

ඒ පිළිබඳව පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි ඇය අවධාරණය කළේ.

එමෙන්ම ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල්වල සංයුතියෙහි වෙනසක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍යංශය මගින් පරීක්ෂණ ආරම්භ කොට ඇති බව ද ඇය පවසනවා.

මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන මෙම පරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව යි ඇය ප්‍රකාශ කරන්නේ.

මේ යටතේ දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් අහඹු ලෙස ලබා ගත් පෙට්‍රල් සාම්පල 62ක් පරීක්ෂා කර තිබෙනවා.

එම සාම්පල් 62 සම්බන්ධ පරීක්ෂාවේ දී පෙට්‍රල්වල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් අනාවරණය නොවූ බව යි ඔල්ගා මහත්මිය පවසන්නේ.

කෙසේ වෙතත් ජනතාවගේ පාර්ශවයෙන් තවදුරටත් දිගින් දිගටම පැමිණිලි ලැබෙන අතර එම නිසා තවත් සාම්පල් ලබා ගනිමින් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව බලශක්ති අමාත්‍යංශ ලේකම්වරිය සඳහන් කර සිටියා.

මේ අතර කොළොන්නාව ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත රැගෙන යන ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ ගැටළුවක් නොමැති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.

එම නිසා එම ඉන්ධන සම්බන්ධව සැකයක් ඇති කර නොගන්නා ලෙසයි අමාත්‍යංශය ජනතාවට දැනුම් දෙන්නේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *