අලුත්ම රැල්ල පාසලෙන්..! දත්ත වැරදියි.! PHIලා ගේම ඉල්ලයි..!

සෞඛ්‍ය අමාත්‍යාංශය දහස ඉක්මවා ලබාදෙන දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ දත්ත නිවැරැදි දත්ත නොවන බවත් එම ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දෛනිකව සමාජයෙන් වාර්තා වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

මේ වන විට කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ සිදු කරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර්. කට්ටල නොමැති බවද හෙතෙම සඳහන් කළේය.

එසේම ඊළඟ කොවිඩ් රැල්ල මේ වන විට නිර්මාණය වෙමින් පවතින බවත් පාසල් අතර සීඝ්‍ර ලෙස කොවිඩ් වයිරසය ව්‍යාප්තවෙමින් පවතින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නිරීක්ෂණය වී ඇත.

විශේෂයෙන්ම ගැබිනි මව්වරු සේවයට කැඳවීම තුළ ඔවුන් වැඩි පිරිසකට කොවිඩ් ආසාදිත වී තිබේ.

එම නිසා ඔවුන් දැඩි පීඩනයට සහ මානසික ආතතියට ලක්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පෙන්වා දෙති.

එම නිසා ඔවුන් පිළිබඳව විධිමත් තීරණයක් ගන්නා ලෙස මහජන පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපතිවරයා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

වරුණි පෙරමුණ
ජූඩ් සමන්ත – පුත්තලම

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *