ආමි සුරංග අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වූ බුද්ධික ප්‍රසාද් හෙවත් ආමි සුරංග සහ
චාමර චතුරංග මුල්ලේරියාව – වල්පොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (27) සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මොවුන් යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති අතර, එහි දී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා අවුරුදු 29 සහ 34 යන වයස්වල පසු වන කඩුවෙල සහ හිඹුටාන ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ආමි සුරංග නමැත්තා 2018 වසරේ දී පෑලියගොඩ පොලිස් වසමේ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමඟ අත්අඩංගුවට පත්ව තිබුණා.

එමෙන්ම 2020 වසරේ දී පොලිස් හැදුනුම්පතක් ව්‍යාජ ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන්ද
මොහුට චෝදනා එල්ල වනවා.

එමෙන්ම 2014 වසරේ දී වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ පැවති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන රැස්වීම් වේදිකාවකට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවෙකු ලෙසද මොහු නම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *