මත්පැන් භාවිතය අඩු වෙයි

පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (27) එක්වීමෙන් අනතුරුව ඔහු මේ බව කියා සිටියේ.

එහි දී අදහස් දැක්වූ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි කියා සිටියේ, කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වී ඇති
බවයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *