මේ වසරේ වැටලීම් වලින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට රුපියල් කෝටි 26ක දඩ ආදායමක්..!

මේ වසරේ සිදු කළ වැටලීම්වලින් රුපියල් කෝටි 26කට අධික මුදලක් දඩ වශයෙන් අය කරගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ජනවාරි සිට මේ දක්වා කාලය තුළ වෙළෙඳපොළ තුළ වැටලීම් 22,000ක් පමණ සිදු කර ඇති අතර, ඉන් 21,000ක් පමණ නඩු පවරා ඇති බව එම අධිකාරිය සඳහන් කර ඇත.

එහි දී අධිකරණ මඟින් රුපියල් විසි හය කෝටි හැත්තෑ හය ලක්ෂ තිස් දහස් හාරසිය හතළිස් අටක පමණ මුදලක් දඩ වශයෙන් අය කරගෙන තිබේ.

වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම, තොග සඟවා ගැනීම, කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අදාළ නඩු පවරා ඇති බව සඳහන්ය.

මේ අතර, උත්සවය සමය ඉලක්ක කරගනිමින් ආරම්භ කළ විශේෂ වැඩසටහන යටතේ මේ වන විට  වැටලීම් 1,185ක් සිදු කර තිබේ.

ඉදිරි දින කිහිපයේ දී එම වැටලීම් අඛණ්ඩ ව සිදු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

You May Also Like

About the Author: Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *